ලෝක කාන්තා දිනයට සමගාමිව තුම්පනේ ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ළමා හා වනිතා කටයුතු අංශය විසින් විශේස වැඩසටහන් කීපයක් 2022.03.08 දින අප කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව සංවිධානය කර තිබුණි.
ඒ අනුව ගලගෙදර රෝහල් කාර්යමණ්ඩලයේ පූර්ණ සහයෝගය ඇතිව අප කාර්යමණ්ඩලය සඳහා විශේෂ වෛද්‍ය සායනයක් විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී පවත්වන ලද අතර "වර්තමානයේ පවුල තුළ කාන්තාවගේ කාර්‍යබාරය" යන මාතෘකාව යටතේ ඒ පිලිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ද එදින සංවිදානය කර තිබුණි. මෙම වැඩසටහන සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී අතුල ශ්‍රී මහානාම මහතා සහ ගලගෙදර පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරිණි මැණිකේ නවරත්න මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.









ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 74වන නිදහස් දින ජාතික සැමරුම් උත්සවයට සමගාමිව අප කාර්යාලයේදී දි නිදහස් දින සැමරුම් උත්සවයක් සාර්ථකව සංවිධානය කරන ලදී.
සහකාර ප්‍රාදේශීය ලේකම් ඒ.කේ පේරුසිංහ මහත්මිය විසින් ජාතික ධජය ඔසවා එතුමියගේ නායකත්වයෙන් රට වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන් හා නිදහස් සටනට නායකත්වය දුන් පිරිස සිහිපත් කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් රකින ලදී.
එමෙන්ම නිදහස් දිනය හා රටේ අනාගත අභිවෘද්ධිය සඳහා පුරවැසියන්ගේ වගකීම් පිළිබද දේශණයක් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි අතුල ශ්‍රී මහනාම මහතා විසින් පවත්වන ලද අතර නිදහස් දිනට සමගාමිව කාර්යාලය තුළ ශ්‍රමදාන වැඩසටහන් සහ රුක් රෝපන වැඩසටහන් ද ක්‍රියාත්මක කරන ලදී.

















2022 වර්ෂයේ රාජකාරි කටයුතු ඇරඹීම වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් තුමිය එස්.එම්.සී ගුණරත්න මහත්මියගේ නායකත්වයෙන් හා කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් අද දින අප කාර්යාල පරිශ්‍රයේ දී ආගමික වතාවත් හා චාරිත්‍ර අංග කිහිපයක් සංවිධානය කර තිබුණි.
මෙම විශේෂ අවස්ථාවට කාර්යාලය හා අනුබද්ධ සියළුම ක්ෂේත්‍ර නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.





























