හිතවත් සේවාලාභීණි,ඔබගේ සේවා ලබාගැනීමේදී රජයෙන් නියම කර ඇති අවශ්‍යතා සපුරාලමින් අදාළ ආකෘති නිවැරදිව සම්පූර්ණ කර අප වෙත බාරදීමෙන් පසු පහත දැක්වෙන කාලයන් තුළදී ඔබගේ අවශ්‍යතාවය ඉටුකර දීමට අපි බැඳී සිටිමු.
| ආයතන අංශය | |
| 01.පදිංචි හා චරිත සහතික අනු අත්සන් කිරීම | විනාඩි 04 |
| 02.විශ්‍රාමිකයන්ගේ දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම | පැය 01 |
| ගිණුම් අංශය | |
| 01.වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම | විනාඩි 04 |
| 02.වාහන පැවරීම් කටයුතු | විනාඩි 15 |
| 03.නව සිවිල් විශ්‍රාම වැටුප් ගෙවීමට සකස් කිරීම | දින 01 |
| 04.වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට සකස් කිරීම | දින 01 |
| සංවර්ධන අංශය | |
| 01.ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ගෙවීම් කිරීම | සති 01 |
| 02.ව්‍යාපෘතිවල මූලික කටයුතු ඉටු කිරීම | සති 02 |
| 03.ව්‍යාපෘති - මිලදී ගැනීම් කටයුතු | මාස 01 |
| ඉඩම් අංශය | |
| 01.ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම | මාස 03 |
| 02.ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා මූලික නිර්දේශ පිළියෙල කිරීම | සති 01 |
| 03.ඉඩම් මැනීම සඳහා ඉල්ලීමක් ලබාදීම | සති 03 |
| 04.ඉඩම් අයිතිය බැහැර කිරීම (දීමනා පත්‍ර) | සති 02 |
| 05.ජලය හරවා ගැනීමට අවසර ලබාදීම | මාස 01 |
| 06.දීමනා පත්‍ර අවස්ථාවේදී ජීවිත භුක්තිය නම් කිරීම | මාස 01 |
| 07.දීර්ඝ කාලීන බදු බලපත්‍රයක් නිකුත් කිරීම (නේවාසික කටයුතු) | මාස 03 |
| 08.ප්‍රදාන පත්‍ර සකස් කිරීම | මාස 02 |
| 09.පසු උරුමය නම් කිරීම | දින 02 |
| 10.මුල් අයිතිය පැවරීම (දීමනා පත්‍ර අවස්ථාවේ) | දින 02 |
| 11.රජයේ විවිධ ආයතනවල අවශ්‍යතා මත ඉඩම් අත්පත් කරගැනීම | සති 72 |
| 12.වාර්ෂික බලපත්‍ර සඳහා බදු අය කිරීම | විනාඩි 06 |
| 13.පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිර්දේශ ලබාදීම | දින 01 |
| 14.ගිනි අවි ඉල්ලුම්පත් නිකුත් කිරීම | දින 01 1/2 |
| 15.ගිනි අවි බලපත්‍ර අයදුම්පත් නිර්දේශ කිරීම | දින 03 |
| 16.දැව මඩු ලියාපදිංචි කිරීම | සති 01 |
| 17.දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම (කොස්,දෙල්,ගැහැණු තල් ගස්) | සති 02 |
| 18.පතල් කැණීම් බලපත්‍ර නිර්දේශ කිරීම | සති 01 |
| 19.වාණිජමය නොවන කාර්යයන් සඳහා වැලි කියුබ් 02කට බලපත්‍ර නිකුත් කිරීම | සති 01 |
| 20.වාර්ෂික වැලි බලපත්‍ර නිර්දේශ කිරීම | සති 02 |
| 21.දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | සති 02 |
| සමාජ සංවර්ධන අංශය | |
| 01.ආදායම් සහතික නිකුත් කිරීම | විනාඩි 08 |
| 02.සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම | පැය 1/2 |
| 03.සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | විනාඩි 30 |
| 04.තක්සේරු වාර්තා නිකුත් කිරීම | දින 04 |
| 05.උකස් බලපත්‍ර නිකුත් කිරීම | සති 01 |
| 06.වටිනාකම් සහතික නිකුත් කිරීම | විනාඩි 08 |
| 07.හැඳුනුම්පත් නිකුත් කිරීම | විනාඩි 05 |
| 08.ව්‍යාපාර නාම අවලංගු කිරීම | දින 02 |
| 09.ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | දින 05 |
| 10.ව්‍යාපාර නාම සංශෝධනය කිරීම | දින 04 |
| 11.විදුලිය සැපයීම සඳහා මාර්ග අවසරය ලබාදීම | සති 02 |
| 12.මහජනාධාර ලබාදීම | දින 05 |
| 13.මහපොළ ශිෂ්‍යත්ව හා ශිෂ්‍යාධාර | දින 02 |
| 14.වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසින් සඳහා වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම | විනාඩි 10 |
| 15.අනියම් සහනාධාර හා විස්තීර්ණ ආපදා අනුමත කිරීම | සති 01 1/2 |
| 16.රෝගාධාර ලබාදීම | දින 03 |
| 17.ජනාධිපති මූල්‍යාධාර ලබාදීම | දින 03 |
| රෙජිස්ට්‍රාර් අංශය | |
| 01.වතු උපත් මරණ ලියාපදිංචි කිරීම | දින 01 |
| 02.උප්පැන්න, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම | විනාඩි 05 |
| 03.විවාහ ලියාපදිංචි කිරීම | පැය 02 |
| 04.කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීම | මාස 01 |
| 05.කල් ගත වූ මරණයක් ලියාපදිංචි කිරීම | මාස 01 |
| 06.උප්පැන්න හා මරණ සහතික සංශෝධනය | මාස 01 |
| දිවිනැගුම සංවර්ධන අංශය | |
| 01.අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීම | දින 02 |
| 02.සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීම | දින 02 |
















