ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 76 වන නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව අප කාර්යාලයේදීද නිදහස් දින සැමරුම් උත්සවයක් සාර්ථකව සංවිධානය කරන ලදී.
සහකාර ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.ඊ.කේ.බණ්ඩාරනායක මහත්මිය විසින් ජාතික ධජය ඔසවන ලද අතර, නිදහස් දිනය හා රටේ අභිවෘද්ධිය සඳහා පුරවැසියන්ගේ වගකීම් පිළිබඳ කෙටි දේශනයක්ද පවත්වන ලදී. එමෙන්ම කාර්යාලය තුළ ශ්‍රමදාන වැඩසටහන් හා රුක් රෝපණ වැඩසටහන්ද ක්‍රියාත්මක කරන ලදී.
මෙම නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව තුම්පනේ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින්ද විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි.


























