ගලගෙදර කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2021.01.02 වන දින කමිටු සභාපති ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ජී.එල් පීරිස් මැතිතුමන්, අතිරේක සභාපති ජනමාධ්‍ය හා තැපැල් විෂය පිළිබඳ අමාත්‍ය ගරු.කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමන් සහ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා ගරු සභාපති තුමන් ඇතුළු මන්ත්‍රීරීවරුන් හා විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

























